Instructions

English | Tamil

eZ Bro

eZ bro යනු Dialog eZ Cash විසින් හඳුන්වාදෙනු ලබන නවතම වැඩසටහන වන අතර, ස්වයං රැකියාවක් වශයෙන් පිළිගත් ආයතනයක් තුළ eZ Cash හා සම්බන්ධ ව්‍යාපාර කටයුතුවල නිරත වී අමතර ආදායමක් උපයාගැනීමට කැමති අය වෙනුවෙන් මෙය හඳුන්වාදෙනු ලැබේ. ඔබ දැනටමත් රැකියාවක නියුතු අයෙක් නම්, ඔබේම ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ නම්, ඔබේ ප්‍රථම උපාධිය / දර්ශනපති උපාධිය හදාරමින් සිටින්නේ නම් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාම හා එක්වී අමතර ආදායමක් උපයාගනිමින් ඔබේ ජීවිතය සවිබලගැන්වීම සඳහා සුවිශේෂී අවස්ථාවක් උදා කරයි!

මෙය ක්‍රියාත්මක වන ආකාරය

  • • වෙළෙඳ නියෝජිතයන් සඳහා වන ක්ෂණික අංකය 0777456456 අමතන්න නැතිනම්, eZCashsupport@dialog.lk විද්‍යුත් ලිපිනයට අප වෙත පණිවිඩයක් යොමු කරන්න, නැතිනම් නිසි තොරතුරු සමඟ පහත සඳහන් පත්‍රිකාව පුරවන්න. පත්‍රිකාව ලබාගැනීමට මෙතන ක්ලික් කරන්න.
    - නම
    - ජංගම දුරකතන අංකය
    - ලිපිනය
    - දිස්ත්‍රික්කය
    - ජාතික හැඳුනුම්පත් අංකය
    - ආයතනය
  • ඔබ ලබාදුන් විස්තර සමඟ ඔබ කළ විමසීම කලාපීය කළමනාකරු / කලාපීය අලෙවි සම්බන්ධීකාරක වෙත යොමු කෙරෙනු ඇත.
  • මෙම වැඩසටහනට අනුව සැකසූ උපදෙස්වලට අනුව යමින් කලාපීය කළමනාකරු / කලාපීය අලෙවි සම්බන්ධීකාරක විසින් කරුණු නිසි පරිදි විමසා බලා ඔබව වැඩසටහන සඳහා සම්බන්ධ කරගනු ඇත.
  • මෙම වැඩසටහනට අදාළ නිසි තොරතුරු හා දැනුම ඔබට ලබාදෙනු ඇත.
  • සම්බන්ධතාවයක් ගොඩනගාගෙන අදාළ බෙදාහැරීමේ නියෝජිතයා / eDSR හෝ හරහා ඔබේ eZ bro Wallet එක top-up කරගන්න. මෙය Online / Mobile Banking ඔස්සේ සිදුකළ හැක. (CEFT) – වැඩි විස්තර පහතින් ලබාගන්න.

eZ bro සඳහා බඳවාගන්නා ක්‍රියා පටිපාටිය

  • අපගේ කාර්යමණ්ඩලයේ සාමාජිකයෙකු ඔබ හා සම්බන්ධ වී ඔබේ ලිපිනය සහ ලබාදී ඇති අනෙකුත් තොරතුරු නිවැරදි දැයි දැනගැනීම සඳහා ඔබ හමුවනු ඇත.
  • මෙම හමුවේදී අපගේ අලෙවි නියෝජිතයන් eZ bro ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඔබව වැඩිදුරටත් දැනුවත් කරනු ඇත.
  • ඔබේ eZ bro Wallet එක create කළ පසු ඔබේ ලියාපදිංචිය තහවුරු කිරීම සඳහා SMS පණිවිඩයක් සහ කෘතිම පුරපදයක් / password එකක් ඔබට ලැබෙනු ඇත.

ප්‍රතිලාභ

(සමාජ අලෙවි නියෝජිතයෙකු වශයෙන් කටයුතු කිරීමට කැමති) eZ bro වෙත

  • ප්‍රමාණවත් ආයෝජනයක් නොමැතිව ඔබේ ව්‍යාපාරික කටයුතු අරඹන්න. (උදාහරණයක් ලෙස :ඔබේ ව්‍යාපාරය ආරම්භ කිරීමට සුදුසු ස්ථානයක් කුලියට ගැනීම) ඔබේ eZ bro wallet එක top-up කරගැනීම මේ වෙනුවෙන් ඔබ කළ යුතු එකම ආයෝජනයයි.
  • සමාජ සම්බන්ධතා, සමාජ ප්‍රතිරූපය සහ තත්වය වර්ධනය කරගන්න
  • ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමාජ තානාපතිවරයෙකු වශයෙන් කටයුතු කරන්න
  • පාරිභෝගිකයන් මේ සඳහා sign up වීමේදී ඔවුන්ට සුවිශේෂී සන්නාම සහිත මූලාශ්‍ර හිමිවේ

To the Customer

  • ඉක්මණින් හා පහසුවෙන් රීචාර්ජ් කරගැනීමේ හැකියාව
  • වෙළෙඳ හිමියන් සමඟ අංක හුවමාරු කරගැනීමට සිදුවීම පිළිබඳව එතරම් සිතිය යුතු නොවේ.

FAQs

eZ bro Wallet එකට login වන ආකාරය කුමක්ද?
ඔබට Google Play Store වෙතින් eZ Cash Merchant App ඩවුන්ලෝඩ් කරගත හැකිය. ඔබගේ මොබයිල් අංකය User ID එක ලෙසත්, ඒ හරහා සැකසූ PIN අංකය password එක ලෙස ලබාදී eZ bro Wallet එකට login විය හැක.

මගේ eZ bro Wallet එක Top-up කරගන්නේ කෙසේද?
අදාළ කාර්ය ඇරඹීම සඳහා ඔබ eZ Bro Wallet එක top-up කරගත යුතුය.
මෙය සිදුකළ හැකි විකල්ප කිහිපයක් ඔබට ඇත.

  • • Online banking හරහා Top-up කරගන්න - CEFT හුවමාරුවක් මගින් ඔබට Online / Mobile banking ඔස්සේ ඉතා ඉක්මණින් ඔබේ eZ bro Wallet එක top-up කරගත හැකිය. වැඩි විස්තර සඳහා මෙතැන ක්ලික් කරන්න
  • • eZ Cash වෙළෙඳ හිමියන් හරහා Top-up කරගන්න - දිවයින පුරා විසිරී සිටින 25,000 කට අධික eZ Cash වෙළඳ නියෝජිතයන් හරහා ඔබේ wallet එක top - up කරගත හැකිය.
  • • ඕනෑම Dialog මධ්‍යස්ථානයකින් / ශාඛාවකින් Top-up කරගන්න - eZ Cash හරහා මුදල් ලබාදී ඔබේ wallet එක top - up කරගත හැකිය.
  • • අලෙවි නියෝජිතයෙකු හරහා Top-up කරගන්න - අලෙවි නියෝජිතයෙකු ඔබ හමුවීමට පැමිණෙන අවස්ථාවේදී eZ Cash හරහා මුදල් ලබාදී ඔබේ wallet එක top - up කරගත හැකිය.

ප්‍රවර්ධන වැඩසටහන්

වැඩියෙන් ගනුදෙනු සිදුකර වැඩි වැඩියෙන් මුදල් ඉපයීමට ඔබව දිරිගැන්වීම සඳහා අප විසින් කාලයෙන් කාලයට විවිධ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. නවතම ප්‍රවර්ධන වැඩසටහන් පිළිබඳව දැනගැනීමට මෙතැන ක්ලික් කරන්න.