ez cash Migration

Tamil | English

eZ Cash App Migration

To give a much faster and a better app experience, all our eZ Cash app users are now invited to link their eZ Cash wallet to genie app.

  • Download the genie app
  • Click on “link your eZ Cash account” option
  • Log on to genie app whenever you want to send money/ make a bill payment/ perform any other transaction and simply chose “eZ Cash wallet” as the payment option.

While we have discontinued the existing eZ Cash app, you can always use your eZ Cash wallet simply by dialing #111# from your mobile.

App එක භාවිත තවදුරටත් නොකරන තත්වයක් තුළ මගේ eZ Cash Wallet එක සක්‍රිය මට්ටමින් පවතීද?

ඔව්, ඔබට genie App හරහා නව අත්දැකීමක් සමඟින් හෝ #111# ඩයල් කරමින් ඔබේ ගනුදෙනු සියල්ල ඉදිරියේදීත් සක්‍රිය මට්ටමින් පවතින ඔබගේ eZ Cash Wallet එක හරහා ඉටුකළ හැකිවේ.

මා සතුව දැනට පවතින ඉතිරි ශේෂයට සිදුවන්නේ කුමක්ද?

දැනට ඉතිරිව පවතින ශේෂය නොවෙනස්ව පවතී. ඔබේ ශේෂය පරීක්ෂා කිරීමට අවශ්‍ය නම් ඔබගේ ජංගම දුරකතනය හරහා #111# ඩයල් කරන්න එසේත් නැතිනම් genie App එකට ඔබේ wallet එක link කර ඇත්නම් wallet එක පරීක්ෂා කරන ඕනෑම අවස්ථාවක ඔබට එය ස්වයංක්‍රියව දිස්වනු ඇත

මීට පෙර eZ Cash ඔස්සේ මට බලාගැනීමට හැකිවූ ගනුදෙනු සියල්ලම genie App හරහා බලාගැනීමේ හැකියාවක් තිබේද?

ඔව්, eZ Cash හරහා ඔබට බලාගැනීමට හැකිවූ ගනුදෙනු සියල්ල දැන් වැඩි දියුණු කළ නවතම සේවාවන් රැසක් සහිත genie App ඔස්සේ බලාගැනීමට ඔබට හැකියාව ඇත.

genie හරහා මට eZ Cash Wallet එකකට ලියාපදිංචි විය හැකිද?

genie ඔස්සේ eZ Cash වෙත රෙජිස්ටර් වීම තවමත් සිදුකළ නොහැක. එම හැකියාව ඉක්මනින්ම ඔබ වෙත සැලසෙනු ඇත. කෙසේ වෙතත්, eZ Cash සමඟ රෙජිස්ටර් වීමට අවශ්‍ය නම් ඔබට ඔබේ mobile එකෙන් #111# dial කිරීමෙන් ඉතා පහසුවෙන් එය සිදු කල හැක

Genie App එකට මගේ eZ Cash Wallet එක සම්බන්ධ කරන්නේ කෙසේද?

  • App එකට ලොග් වෙන්න.
  • Home Page එකේ දිස්වන “Link your eZ Cash wallet” එක මත click කරන්න.
  • ඔබේ eZ Cash PIN එක ලබා දෙන්න (Verification සඳහා එක වරක් පමණක් මෙය සිදු කළ යුතුය)
  • genieApp හරහා eZ Cash සේවාවන් ලබාගන්න.

මම genie සඳහා දැනට ලියාපදිංචි වී සිටින අංකය, සහ eZ Cash Wallet අංකය එකිනෙකට වෙනස් නම් මේ අංක දෙකම sync කරන්නේ කෙසේද?

genie@dialog.lk වෙත email එකක් යොමුකර ඔබේ වත්මන් අංකය ඉවත් කර ඒ වෙනුවට eZ Cash Wallet ලියාපදිංචි කර ඇති අංකය යටතේ එම අංකය add කරගන්නා ලෙස ඔබ විසින් ඉල්ලීමක් කළ යුතුය. ඔබ genie හරහා Dialog Finance වෙතින් ණය පහසුකමක් ලබාගෙන ඇත්නම් ඔබට මෙම සේවාව ලබාගත නොහැක.