English | Tamil

පාරිබෝගිකයන් සදහා LANKAQR

දැන් eZ Cash ගණුදෙනුකරුවන්ට LANKAQR සේවාව සහිත දිවයින පුරා ඕනෑම වෙළෙන්දෙකුගෙන් eZ Cash භාවිත කර නිෂ්පාදන මිලදී ගත හැකිය!

LANKAQR යනු eZ Cash/ Dialog මගින් ශ්රී ලංකා මහ බැංකු මූලිකත්වය යටතේ නිකුත් කරන ලද පොදු QR (ක්ෂණික ප්රතිචාර) කේතයක් වන අතර එමඟින් පාරිභෝගිකයන්ට හා වෙළඳුන්ට eZ Cash මඟින් කවුන්ටරය මත ගෙවීම් ක්ෂණිකව සිදුකර භාණ්ඩ/සේවා ලබාගැනීමට හැකිවේ.

මෙම ගනුදෙනු සියල්ල සිදුවන්නේ ගනුදෙනුකරුවන්ගේ ස්මාර්ට් ජංගම දුරකතනයේ ස්ථාපනය කර ඇති eZ Cash / FinTech / ජංගම මුදල් / බැංකු මොබයිල් ඇප්ලිකේෂන් භාවිතා කොට බැවින් LANKAQR භාවිතා කිරීමෙන් වෙළෙන්දන්ට POS යන්ත්රයක් ් භාවිතා කිරීමේ අවශ්යතාවයක් ් පැනනොනගි. දෙපාර්ශ්වයටම මුදල් ඇල්ලීමටද අනවශ්යයි ි,මාරු කාසි ප්රශ්නදපැනනොනගි. ගනුදෙනු ක්ෂණිකව සිදුවන නිසා මෙම ක්රමය සරලයි, පහසුයි.

කවුන්ටරයේ මුදල් භාවිතයද අවම කල හැකි අතර මෙහිදී ක්ෂණිකව ගනුදෙනු මුදල වෙළෙන්දාගෙ eZ Cash පසුම්බියට ලබාදෙන අතර, ගනුදෙනුව අවසන් වූ පසු, දෙපාර්ශවයටම ගනුදෙනු තහවුරු කිරීමේ කෙටි පණිවිඩයක් ලැබෙනු ඇත. ගණුදෙනුව තහවුරු කිරීමේ කෙටි පණිවුඩය හිමිවීමෙන් පසු eZ Cash පාරිබෝගිකයාට වෙළෙන්දාගෙන් භාණ්ඩ හෝ සේවා ලබාගත හැකිය.

ගාස්තු

LANKAQR සේවාව භාවිත කිරීමේදී eZ Cash පාරිබෝගිකයාගෙන් අමතර ගාස්තුවක් අය නොකෙරේ.

ගණුදෙනු සීමාවන්:

eZ Cash පාරිබෝගිකයන්ට ඔවුන්ගේ ගිණුමේ ශේෂය හා ගිණුමේ වරකට හිමිවන ගණුදෙනු සීමාව මත පදනම්ව ගණුදෙනු සිදුකළ හැකිය.

'Classic Wallet' - එක් ගණුදෙනුවකට උපරිමය - රු. 10,000/-

'Power Wallet' - එක් ගණුදෙනුවකට උපරිමය - රු. 150,000/- දක්වා

පාරිබෝගිකයා ගනුදෙනුව සිදුකරන ආකාරය

eZ Cash යෙදුම හෝ Fintech/Mobile Banking App සහිත ගණුදෙනුකරුවෙකුට LANKAQR සේවාව සක්රිය කර ඇති ඕනෑම සාප්පුවකට/අළෙවිසැලකට පිවිස වෙළෙන්දාට ලබාදී ඇති LANKAQR ස්ටිකරය/කේතය ස්කෑන් කළ හැකිය. ඊට පසුව ගණුදෙනුව සාර්ථකව සම්පූර්ණ කිරීම තහවුරු කරමින් එම ගණුදෙනුකරුට යෙදුම තුළින් දැනුම්දීමක් කෙටි පණිවිඩ තහවුරු කිරීමක් ලැබෙනු ඇත. ගණුදෙනුව සාර්ථකව සම්පූර්ණ කිරීමේ කෙටි පණිවිඩ වෙළෙන්දාට ලැබුණු පසු ඔවුන් පාරිභෝගිකයන්ට භාණ්ඩ/සේවා සැපයීම සිදුකරයි.

 

නිතර අසනු ලබන ප්රශ්න

LANKAQR හරහා සිදුකරන ගෙවීම් සඳහා පාරිබෝගිකයකුවන මාගෙන් මුදලක් අය කරන්නේද?
නැත. LANKAQR හරහා සිදුකරන ගෙවීම් සඳහා පාරිභෝගිකයන්ගෙන් අමතර කිසිවක් අය නොකෙරේ.

ගණුදෙනුව සාර්ථකව සම්පූර්ණ වීමට කොපමණ කාලයක් වැයවේද?
ගණුදෙනුව එම මොහොතේම(තත්ය කාලීනව) සම්පූර්ණ වනු ඇත.

මට වෙනත් තෙවන පාර්ශ්වීය LANKAQR වෙළඳ ස්ථාන සඳහා ගෙවීම් සිදුකළ හැකිද? (eZ Cash වෙළඳුන් හැර)
ඔව්. eZ Cash ගණුදෙනුකරුවන්ට eZ Cash දුරකථන යෙදුම භාවිත කර LANKAQR සක්රිය කර ඇති ඕනෑම තෙවන පාර්ශ්වයකින් ස්කෑන් කළ හැකිය. උදා - FriMi/HNB Solo/ iPay/Upay වෙළෙන්දන් වෙත

eZ Cash වෙළන්දෙකුට ගෙවීම් සිදුකිරීමට මට මාගේ ණය කාඩ්පත්/හර කාඩ්පත් භාවිතා කළ හැකිද?
eZ Cash Customer Wallet එක ණය /හර කාඩ්පත් ආදේශ කිරීම සඳහා පහසුකම් සපයනු නොලැබේ.

එක් ගණුදෙනුවකට සැකසිය හැකි උපරිම ගණුදෙනු වටිනාකම කොපමණද?
eZ Cash පාරිභෝගික ගිණුමකට - ගිණුමේ සීමාව දක්වා 'Classic Wallet' ගිණුමකට - උපරිමය රු. 10,000/-
'Power Wallet' ගිණුමකට - උපරිමය රු. 150,000/- දක්වා

LANKAQR හරහා සිදුකළ මිලදී ගැනීමක මුදල් නැවත ලබාගැනීමට මා හට අවශ්ය නම් ගණුදෙනුව ආපසු හැරවීම ක්රියාත්මක වන්නේ කෙසේද?
ගෙවීම eZ Cash වෙළඳ ගිණුමකට (Merchant Wallet) සිදුකර ඇත්නම් - eZ Cash වෙළෙන්දා, ඔහුගේ සහාය අංශය අමතනු ඇත. පාරිභෝගිකයාට අමතර විමසීම් සඳහා 7111 යන eZ Cash හදිසි ඇමතුම් අංකය ඔස්සේ සම්බන්ධ විය හැකිය.
ඔබ තෙවන පාර්ශ්වීය LANKAQR වෙළෙන්දෙකු හරහා ගෙවීම් කර ඇත්නම් - 7111 යන හදිසි ඇමතුම් අංකය ඔස්සේ eZ Cash සමග සම්බන්ධ විය යුතුය.

ආපසු හැරවීමේ ක්රියාවලියට කොපමණ කාලයක් ගතවේද?
eZ Cash ගිණුමක සිට eZ Cash වෙළඳ ගිණුමකට - වැඩකරන දින 1-2 (සේවා මට්ටමේ ගිවිසුම)
eZ Cash ගිණුමක සිට තෙවන පාර්ශ්වීය LANKAQR වෙළෙන්දෙකුට - වැඩකරන දින 2-3

ගණුදෙනුවක් අසාර්ථක වුවහොත් මා කුමක් කළ යුතුද?
ගණුදෙනුව eZ Cash පාරිභෝගික ගිණුමකින් සිදුවූවක් නම් - 7111 යන eZ Cash හදිසි ඇමතුම් අංකය අමතන්න
ගණුදෙනුව තෙවන පාර්ශ්වීය LANKAQR වෙළෙන්දෙකුට නම් - පාරිභෝගිකයා 7111 යන eZ Cash හදිසි ඇමතුම් අංකය ඇමතිය යුතුය. එමෙන්ම තෙවන පාර්ශ්වීය LANKAQR වෙළෙඳුන් අදාළ සහාය හදිසි ඇමතුම් වෙත දැනුම්දිය යුතුය.

මාගේ යෙදුම හරහා QR කේතය ස්කෑන් කිරීම අසාර්ථක වුවහොත් මා කුමක් කළ යුතුද?
eZ Cash යෙදුම හෝ LANKAQR කේතය ස්කෑන් කිරීම පිළිබඳ ඕනෑම ගැටලුවකදී ඔබට 7111 යන පාරිභෝගික සේවා හදිසි ඇමතුම් අංකය ඔස්සේ සම්බන්ධ විය හැකිය.