English | Tamil

වෙළඳුන් සඳහා LANKAQR

eZ Cash වෙළඳුන්ට LANKAQR හරහා ඕනෑම eZ Cash පාරිභෝගිකයෙකුට හෝ ඕනෑම තෙවන පාර්ශ්වීය Fintech /ජංගම බැංකුකරණ යෙදුම් භාවිත කරන්නන්ට නිෂ්පාදන අලෙවි කළ හැකිය.

LANKAQR යනු, eZ Cash ගණුදෙනුකරුවන්ට LANKAQR සක්‍රිය කර ඇති ඕනෑම eZ Cash වෙළෙන්දෙකුට ස්මාර්ට් දුරකථන ඔස්සේ ක්ෂණික ගෙවීම් සිදුකළ හැකිවන ලෙස eZ Cash /Dialog මඟින් නිකුත් කරන ලද පොදු QR කේතයකි. මෙම ක්‍රමය මඟින් POS යන්ත්‍ර භාවිතය ඉවත් වන අතර භෞතිකව මුදල් පරිහරණයක් සිදුනොවන බැවින් එය සරල, පහසු හා ස්පර්ශයකින් තොර විසඳුමක් වේ.

වෙළෙඳුන් වෙනුවෙන්

eZ Cash වෙළෙඳුන්ට අදාළ LANKAQR කේතය ඔවුන්ගේ වෙළෙදසැල/ වෙබ් පිටුව/ සමාජ මාධ්‍ය පිටුව ආදියේ ප්‍රදර්ශනය කළ හැකි අතර පාරිභෝගිකයාට සිය eZ Cash Mobile App භාවිතයෙන් එය ස්කෑන් කිරීමෙන් හෝ තෙවැනි පාර්ශ්වයක FinTech /‍ Mobile Banking App භාවිතයෙන් සිය ස්මාර්ට් ජංගම දුරකථනය මගින් ගෙවීම් කළ හැක. පාරිභෝගිකයන් විසින් ස්කෑන් ක්‍රමවේදයෙන් ගෙවීම් කළ විට එසැණින් අදාළ වටිනාකම එම eZ Cash වෙළෙන්දාගේ ‘Merchant wallet ’ වෙත බැර වේ. ගනුදෙනුවක් සම්පූර්ණ වූ විට, එයට අදාළ දෙපාර්ශවයටම කෙටි පණිවිඩයක් යොමු කිරීම මගින් ගනුදෙනුව සහතික කෙරෙනු ඇත.

ගනුදෙනුව සාර්ථක ලෙසින් සිදුවී, එය සහතික කිරීමේ කෙටි පණිවිඩය ලැබීමත් සමගින් eZ Cash වෙළෙන්දාට සිය භාණ්ඩය හෝ සේවාව පාරිභෝගියා හට ලබාදීම සිදුකළ හැක.

වෙළෙන්දා හට ගාස්තුව

වෙළෙන්දෙක් වශයෙන්, LANKAQR සේවාව භාවිත කිරීම වෙනුවෙන්, ගනුදෙනුවට අදාළ සම්පූර්ණ මුදලින් 0.5%ක ගාස්තුවක් ගෙවිය යුතු වේ.

ගණුදෙනු සීමාවන්

ඊසි කෑෂ් ගනුදෙනුකරුවන් හට සිය ගනුදෙනු කිරීම්, තම ‘wallet’ එකෙහි ඇති ඉතිරිය මත පදනම්ව හෝ අදාළ මොහොතේ ඔවුන්ගේ wallet සීමාව දක්වා ගෙවීම් කළ හැක.

  • ‘Classic Wallet’ සඳහා එක් ගනුදෙනුක් වෙනුවෙන් ගෙවිය හැකි උපරිමය - රු.10,000
  • ‘Power Wallet’ සඳහා එක් ගනුදෙනුවක් වෙනුවෙන් ගෙවිය හැකි උපරිමය - රු.150,000

වෙනත් තුන්වැනි පාර්ශ්වයේ FinTech හෝ මොබයිල් බෑන්කින් යෙදුමක් භාවිත කරන ගනුදෙනුකරුවෙකුට අදාළ eZ Cash වෙළෙන්දාගේ ‘මර්චන්ට් wallet’ එක වෙනුවෙන් හිමිවන උපරිම සීමාව දක්වා ගෙවීම් කළ හැකිවේ.

 

නිතර අසන ප්‍රශ්න

LANKAQR වෙතින් ගෙවීමක් ලැබීමට මා සතුව ස්මාර්ට් ජංගම දුරකථනයක් තිබීම අත්‍යවශ්‍යද?
නැත. eZ Cash ඊසි මර්චන්ට් wallet හා සම්බන්ධ කරන ලද ඕනෑම ආකාරයක ජංගම දුරකථනයක් තිබීම පමණක් සෑහේ.

මා සතුව ඇත්තේ ජංගම දුරකථන අංකයක් නොව, eZ Cash අඩවියෙන් පමණක් වුවත් මා හට LANKAQR හරහා ගෙවීම් ලබාගත හැකිද?
ඔව්. එසේ වුවත් ඔබට LANKAQR හරහා ගෙවීම් ලබාගත හැකි වේ.

කුමන ආකාරයක හෝ FinTech යෙදුමක්/Mobile Banking යෙදුමක් භාවිත කරන ගනුදෙනුකරුවන් හට (eZ Cash භාවිත නොකරන්නන්ද ඇතුළුව) ස්කෑන් ක්‍රමවේදයෙන් මගේ වෙළඳසැලෙන් නිෂ්පාදන මිලදීගත හැකිද?
ඔව්. eZ Cash ජංගම දුරකථන යෙදුම සහ LANKAQR කියැවිය හැකි අනෙකුත් තුන්වෙනි පාර්ශ්වයේ FinTech / මොබයිල් බෑන්කින් යෙදුමකට වුව QR ඛේතය ස්කෑන් කර ගෙවීම් කළ හැක.

LANKAQR හරහා සිදුකළ මිලට ගැනීමක් වෙනුවෙන් මා හට අයවිය යුතු මුදල් මා විසින් ලබාගන්නේ කෙසේද?
අදාළ ගෙවීම පාරිභෝගිකයාගේ eZ Cash wallet එකෙන් හෝ බැංකු ගිණමෙන් අඩුවී, එසැණින් ඔබගේ eZ Cash මර්චන්ට් wallet එකට ලැබෙනු ඇත.

අදාළ මුදල් මාගේ wallet එකට ලැබීමට කොපමණ කාලයක් ගනු ලබන්නේද?
ගෙවීම් එම මොහොතේම සිදුවේ. එබැවින් අදාළ මුදල සැණින් ඔබ වෙත ලැබෙන අතර ඔබ‍ගේ eZ Cash මර්චන්ට් wallet එක වෙත කෙටි පණිවිඩයක් මගින් ගනුදෙනුව සහතික කිරීමක් සිදුවනු ඇත.

LANKAQR හරහා සිදුවන ගනුදෙනු‍වක් වෙනුවෙන් ‍කොමිස් වශයෙන් කොපමණ මුදලක් මාගෙන් අයකර ගන්නේද?
මේ වන විට LANKAQR භාවිතය වෙනුවෙන් ඔබගෙන් අයකරගනු ලබන්නේ අදාළ ගනුදෙනුවේ වටිනාකමින් 0.5% ක් පමණි.

එක් ගනුදෙනුවක් වෙනුවෙන් ගෙවීම් කළ හැකි වැඩිම ගනුදෙනු වටිනාකම කොපමණක්ද?
eZ Cash ඊසි කෑෂ් ‘Customer Wallet’ වෙනුවෙන් අදාළ wallet සීමාව දක්වාද/ තෙවැනි පාර්ශ්වයේ යෙදුමක් භාවිතයේදී රුපියල් 25,000 දක්වාද එක් ගණුදෙනුවක් වෙනුවෙන් ගෙවීම් කළ හැකිය.

LANKAQR හරහා කළ ගෙවීමක් කර ඇති අවස්ථාවක, යම් ලෙසකින් පාරිභෝගිකයා සිය මුදල් ආපසු ඉල්ලීමක් කළහොත් කළ යුත්තේ කුමක්ද?
අදාළ ගෙවීම කර ඇත්තේ eZ Cash Customer wallet එකක් මගින් නම් ඔබ විසින් 0777456456 මගින් වෙළෙඳ උපකාරක සේවාව ඇමතිය යුතුවේ.
ගෙවීම් කර ඇත්තේ තෙවැනි පාර්ශ්වයේ යෙදුමක් මගින් නම්, අදාළ ජංගම දුරකථන යෙදුමේ සම්පාදකයාගේ හොට්ලයින් අංකය අමතන ලෙසින් පාරිභෝගිකයාගෙන් ඉල්ලා සිටින්න.

එවැනි අවස්ථාවක එම මුදල් පියවීම වෙනුවෙන් කොපමණ කාලයක් ලබාගනු ඇතිද?
eZ Cash wallet එකකින් eZ Cash වෙළෙන්දා වෙත - වැඩකරන දින 1ක් හෝ 2ක්
තුන්වැනි පාර්ශ්වයේ‍ යෙදුමක් මගින් eZ Cash වෙළෙන්දා වෙත - වැඩකරන දින 2-3ක්

ගෙවීම සම්පූර්ණ නොවී අසාර්ථ වූ අවස්ථාවක මම කුමක් කළ යුතුද?
ගනුදෙනුව සිදුවූයේ eZ Cash customer wallet එකක් මගින් නම් - 7111 මගින් eZ Cash ක්ෂණික ඇමතුම් අංකය අමතන්න.
ගනුදෙනුව සිදුවූයේ තුන්වැනි පාර්ශ්වයේ FinTech /Mobile Banking App හරහා නම් , අදාළ ජංගම දුරකථන යෙදුමේ සම්පාදකයාගේ ක්ෂණික ඇමතුම් අංකයට අමතන මෙන් ගනුදෙනුකරුවාව දැනුවත් කර, ඔබද 0777456456 ඔස්සේ වෙළඳ උපකාරක සේවාව අමතා දැනුම්දීමක් සිදුකරන්න.

මා හට ලබාදෙන QRඛේතය ක්‍රියා නොකරන්නේ නම් මා හට නව QRඛේතයක් ලබාගත හැකිද?
ඔව්. අවශ්‍ය කටයුතු වෙනුවෙන් කරුණාකර ඔබගේ eZ Cash නියෝජිතයා (ප්‍රාදේශීය වෙළෙඳ සම්බන්ධීකාරක) අමතන්න.